ආර්ථික සහයෝගය වෙනුවෙන් මාලදිවයින් ජනාධිපති මුයිසු ඉන්දියාවට ස්තූති කරයි

ඉන්දියාව සමඟ ඇති සබඳතා අගය කරමින්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු (Mohamed Muizzu) සෙනසුරාදා (ජූලි 26) දින අගමැති නරේන්ද්‍ර මෝදිගේ (Narendra Modi) දින දෙකක ඓතිහාසික සංචාරය අගය කර ඇත. එම සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාට විශාල ශක්තියක් ලබා දුන් බවද ඔහු අවධාරණය කර ඇත.

අගමැති මෝදි ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මාලදිවයින් නිදහස් දින සැමරුම් උත්සවයෙන් පසු ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලදිවයින් ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත. “මාලදිවයිනට සංචාරක ව්‍යාපාරයෙන් උපකාර කරන ප්‍රධාන රටවල් වලින් එකක් තමයි ඉන්දියාව. අගමැතිවරයාගේ සංචාරයත් සමඟ එය නිසැකවම විශාල වශයෙන් වර්ධනය වනු ඇත. මෙම සංචාරය නිසා දෙරට අතර ජනතා සම්බන්ධතාද වැඩි වනු ඇතැයි මට විශ්වාසයි.”

“අසල්වැසියන් අතර සබඳතා ගොඩනැගීමට ඔහු ඉතා ප්‍රිය කරන පුදුමාකාර පුද්ගලයෙක්. මාලදිවයින සහ ඉන්දියාව අතර සියවස් ගණනාවක් ඈතට දිවෙන ඉතා හොඳ සම්බන්ධයක් තිබෙනවා. ඔහුගේ නායකත්වය සහ අපගේ දෙරට අතර, රජයන් දෙක අතර සහයෝගීතාවය සමඟින්, ඉදිරි දිනවලදී එය තවත් සමෘද්ධිමත් වනු ඇතැයි මට විශ්වාසයි,” මුයිසු වැඩිදුරටත් සඳහන් කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top