ඉරානය සමඟ පවතින දරුණු ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය තාන්ත්‍රික විසඳුම්වලට වැඩි කැමැත්තක් දක්වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කර සිටී. ඔහු කියා සිට ඇත්තේ, මැදිහත්කරුවන් මාර්ගයෙන් මේ වන විටත් ටෙහෙරානය සමඟ සෘජු සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
කෙසේ වෙතත්, ඉරානය විසින් වසා දමා ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහාම විවෘත නොකළහොත්, එරට සිවිල් බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ජනාධිපති ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබුණි. ඒ අනුව ඉරානයේ විදුලි බලාගාර, තෙල් ලිං සහ ප්‍රධාන තෙල් පර්යන්තයක් වන කාර්ග් දූපත (Kharg Island) දැඩි ප්රහාරයන්ට ලක්වීමේ අවදානමක් පවතී.
මේ අතර, යුද තත්ත්වය තවදුරටත් උත්සන්න කරමින් ඊශ්‍රායලයේ හයිෆා (Haifa) නුවර පිහිටි ප්‍රධානතම ‘බාසාන්’ (Bazan) තෙල් පිරිපහදුවට එල්ල වූ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් එහි දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.
එමෙන්ම, ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර ගල්ෆ් කලාපයේ රටවල් විසින් ව්‍යර්ථ කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, කුවේට් රාජ්‍යයේ විදුලි බල සහ ජලය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් එහි සේවය කළ ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුවේට් බලධාරීන් තහවුරු කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



