Education

එංගලන්තයේ පාසල් කාලය පුරාම ජංගම දුරකථන තහනම් කිරීමට නව උපදෙස්

බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Bridget Phillipson) විසින් එංගලන්තයේ සියලුම පාසල් වෙත ලිපියක් යොමු කරමින්, සම්පූර්ණ පාසල් දිනය පුරාම සිසුන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කළ යුතු බව අවධාරණය කර ඇත. පන්ති කාමරයේ ඉගැන්වීම් කාලය තුළ පමණක් නොව, විවේක කාලය (Break time) සහ දිවා ආහාර කාලය (Lunchtime) තුළ ද දුරකථන භාවිතය තහනම් වේ. දුරකථන කැල්කියුලේටර ලෙස […]

එංගලන්තයේ පාසල් කාලය පුරාම ජංගම දුරකථන තහනම් කිරීමට නව උපදෙස් Read More »

බ්‍රිතාන්‍යයේ රැකියා විරහිතභාවය 5.1% දක්වා ඉහළ යයි: තරුණ ශ්‍රමිකයන් දැඩි අර්බුදයක

එක්සත් රාජධානියේ නිල දත්ත වලට අනුව, ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ මාස තුන තුළ එරට රැකියා විරහිත අනුපාතය 5.1% දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙයින් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ තරුණ ශ්‍රමිකයන් බව හෙළි වී තිබේ. පසුගිය වසරේ මේ කාලසීමාව වන විට 4.3% ක්ව පැවති රැකියා විරහිත අනුපාතය, මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

බ්‍රිතාන්‍යයේ රැකියා විරහිතභාවය 5.1% දක්වා ඉහළ යයි: තරුණ ශ්‍රමිකයන් දැඩි අර්බුදයක Read More »

එංගලන්තයේ විශ්වවිද්‍යාල ගාස්තු ලබන වසරේ සිට ඉහළට!

ලබන වසරේ සිට එංගලන්තයේ උපාධි අපේක්ෂක විශ්වවිද්‍යාල උපකාරක ගාස්තු (tuition fees) උද්ධමනයට අනුකූලව ඉහළ යන බව අධ්‍යාපන ලේකම්වරයා නිවේදනය කරයි. අධ්‍යාපන ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Bridget Phillipson) පවසන්නේ, නඩත්තු ණය (maintenance loans) ද උද්ධමනයට අනුකූලව වාර්ෂිකව ඉහළ යන බවත්, අවසානයේදී උපකාරක ගාස්තු විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය සමඟ සම්බන්ධ කරනු ඇති බවත්ය. මෙම වෙනස්කම් බලපාන්නේ එංගලන්තයේ විශ්වවිද්‍යාලවලට පමණි. අධ්‍යාපනය

එංගලන්තයේ විශ්වවිද්‍යාල ගාස්තු ලබන වසරේ සිට ඉහළට! Read More »

එක්සත් රාජධානියේ පළමු ‘සුපිරි විශ්වවිද්‍යාලය’ (Super University) බිහිවෙයි

එක්සත් රාජධානියේ පළමු “සුපිරි විශ්වවිද්‍යාලය” ලෙස, කෙන්ට් විශ්වවිද්‍යාලය සහ ග්‍රිනිච් විශ්වවිද්‍යාලය ඒකාබද්ධ වීමට නියමිත වාර්තා වේ.  ලන්ඩන් සහ සවුත් ඊස්ට් විශ්වවිද්‍යාල සමූහය (London and South East University Group) යන නව නම යටතේ, 2026 සරත් සෘතුවේ ආරම්භ වන වර්ෂයේ සිට මෙම ආයතනය තනි උපකුලපතිවරයෙකු යටතේ ක්‍රියාත්මක වනු ඇත. මෙම ඒකාබද්ධ වීමට හේතුව, විශ්වවිද්‍යාල මුහුණ දෙන ආර්ථික

එක්සත් රාජධානියේ පළමු ‘සුපිරි විශ්වවිද්‍යාලය’ (Super University) බිහිවෙයි Read More »

නීති කඩ කිරීම් හේතුවෙන් එක්සත් ජනපද සිසුන් 6,000කට අධික සංඛ්‍යාවකගේ වීසා අවලංගු කෙරේ

අපරාධ සිදු කිරීම් හේතුවෙන්, මෙම වසර තුළ සිසුන් 6,000කට අධික සංඛ්‍යාවකගේ වීසා බලපත්‍ර අවලංගු කළ බව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ (US State Department) නිලධාරියෙකු පවසා ඇත. මෙම සිසුන්ගෙන් 4,000කට ආසන්න සංඛ්‍යාවකගේ වීසා අවලංගු කර ඇත්තේ ඔවුන් නීතිය කඩ කර ඇති නිසා වන අතර, මෙම නීති කඩ කිරීම් අතරින් වැඩි ප්‍රමාණයක්, පහරදීම් (assault), බීමතින් රිය පැදවීම

නීති කඩ කිරීම් හේතුවෙන් එක්සත් ජනපද සිසුන් 6,000කට අධික සංඛ්‍යාවකගේ වීසා අවලංගු කෙරේ Read More »

එංගලන්තය, වේල්ස් සහ උතුරු අයර්ලන්තයේ සිසුන් සඳහා GCSE විභාග ප්‍රතිඵල නිකුත් වේ

එංගලන්තය (England), වේල්ස් (Wales) සහ උතුරු අයර්ලන්තයේ (Northern Ireland) සිසුන් ලක්ෂ ගණනක් ඔවුන්ගේ GCSE, BTec සහ Cambridge National විභාග ප්‍රතිඵල ලබා ගනිමින් සිටිති. GCSE යනු General Certificate of Secondary Education යන සහතිකයයි. මෙය සිසුන්ගේ අනිවාර්ය පාසල් අධ්‍යාපනය අවසන් වන අවස්ථාවේදී (වයස අවුරුදු 15 – 16) සම්පුර්ණ කරන ප්‍රධාන විභාගය වේ. එංගලන්තයේ GCSE විභාග සඳහා 9-1

එංගලන්තය, වේල්ස් සහ උතුරු අයර්ලන්තයේ සිසුන් සඳහා GCSE විභාග ප්‍රතිඵල නිකුත් වේ Read More »

“Skibidi”, “tradwife” ඇතුළු නව වචන කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට

“Skibidi”, “tradwife” සහ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වූ වෙනත් ව්‍යවහාර වචන (slang terms) දහස් ගණනක්, මේ වසරේ කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට (Cambridge Dictionary) එක් කර තිබෙනවා. “Skibidi” යනු යූටියුබ් (YouTube) හි වෛරස් සජීවිකරණ වීඩියෝ මාලාවක නිර්මාතෘ විසින් නිර්මාණය කරන ලද, නිරර්ථක (gibberish) පදයක් වන අතර, “tradwife” යනු සාම්ප්‍රදායික බිරිඳක් (traditional wife) සඳහා කෙටි යෙදුමකි. මෙම වචනයෙන් අදහස්

“Skibidi”, “tradwife” ඇතුළු නව වචන කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට Read More »

එක්සත් රාජාධානියේ පිරිමි ළමුන්, A-Level විභාගයේදී ගැහැණු ළමුන් අභිබවා ඉදිරියට

පසුගිය වසර හත තුළ ඉහළම A-Level ලකුණු ලබා ගැනීමේදී ගැහැණු ළමුන්, පිරිමි ළමුන් අභිබවා ගිය නමුත්, මේ වසරේදී පිරිමි ළමුන් එම පෙරමුණ ගෙන තිබෙනවා.පිරිමි ළමුන්ගේ A* හෝ A ශ්‍රේණිවල ප්‍රතිශතය 28.4%ක් වූ අතර, එය ගැහැණු ළමුන්ගේ 28.2%ක ප්‍රතිශතය සුළු වශයෙන් අභිබවා යයි. එය, පසුගිය වසරේ ගැහැණු ළමුන් 0.4%කින් පෙරමුණ ගෙන සිටි තත්ත්වය වෙනස් කිරීමකි. පිරිමි

එක්සත් රාජාධානියේ පිරිමි ළමුන්, A-Level විභාගයේදී ගැහැණු ළමුන් අභිබවා ඉදිරියට Read More »

ඕස්ට්‍රේලියාව විදේශ සිසුන්ගේ සීමාව 295,000 දක්වා ඉහළ දමයි: අග්නිදිග ආසියාවට ප්‍රමුඛත්වය

ඕස්ට්‍රේලියාව (Australia) ලබන වසරේදී විදේශීය සිසුන් (foreign students) සඳහා වන සීමාව 9%කින් ඉහළ දමා 295,000ක් බවට පත් කරන බවත්, අග්නිදිග ආසියාවෙන් (Southeast Asia) පැමිණෙන අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් රජය ප්‍රකාශ කර ඇත. ගෙවල් මිල ඉහළ යෑමට හේතු වූ වාර්තාගත සංක්‍රමණය පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස පසුගිය වසරේදී සිසුන්ගේ ප්‍රමාණයට සීමාවන් පැනවූ අතර, 2025 සඳහා සිසුන්

ඕස්ට්‍රේලියාව විදේශ සිසුන්ගේ සීමාව 295,000 දක්වා ඉහළ දමයි: අග්නිදිග ආසියාවට ප්‍රමුඛත්වය Read More »

බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ට ඔත්තු බැලීමට චීන රජය බලපෑම් කරයි

එක්සත් රාජධානියේ (UK) විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන චීන සිසුන්ට (Chinese students), චීන රජයට සංවේදී කරුණු පිළිබඳ සාකච්ඡා මැඩපැවැත්වීම සඳහා ඔත්තු බැලීමට බලපෑම් කර ඇති බව නව වාර්තාවකින් හෙළි වේ. UK-China Transparency (UKCT) නම් චින්තන මණ්ඩලය (think tank) පවසන්නේ, චීනය පිළිබඳ අධ්‍යයන කරන විද්වතුන් අතර පැවති සමීක්ෂණයකින්, ඇතැම් විෂයයන් පන්තිවල සාකච්ඡා කිරීමෙන් වළකින ලෙස චීන රජයේ නිලධාරීන්

බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ට ඔත්තු බැලීමට චීන රජය බලපෑම් කරයි Read More »

Scroll to Top