“Skibidi”, “tradwife” සහ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වූ වෙනත් ව්‍යවහාර වචන (slang terms) දහස් ගණනක්, මේ වසරේ කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට (Cambridge Dictionary) එක් කර තිබෙනවා.
“Skibidi” යනු යූටියුබ් (YouTube) හි වෛරස් සජීවිකරණ වීඩියෝ මාලාවක නිර්මාතෘ විසින් නිර්මාණය කරන ලද, නිරර්ථක (gibberish) පදයක් වන අතර, “tradwife” යනු සාම්ප්‍රදායික බිරිඳක් (traditional wife) සඳහා කෙටි යෙදුමකි. මෙම වචනයෙන් අදහස් කරන්නේ, ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම් සහ සමාජ මාධ්‍යවල සටහන් පළ කරන විවාහක මවකි.
තාක්ෂණික දැවැන්තයින්ට (tech giants) සහ දුරස්ථව වැඩ කිරීමට (remote working) සම්බන්ධ වචන ඇතුළුව නව වචන 6,000කට වඩා එකතු කර ඇත.
“Skibidi” ශබ්දකෝෂයේ “සිසිල්” (cool) හෝ “නරක” (bad) වැනි විවිධ අර්ථයන් තිබිය හැකි හෝ විහිළුවක් ලෙස සැබෑ අර්ථයකින් තොරව භාවිතා කළ හැකි වචනයක් ලෙස අර්ථ දක්වා ඇත. “delulu” වැනි පවතින පදවල සමහර කෙටි කළ අනුවාද ද එකතු කර ඇත. මෙය “delusional” (මුලාවෙන් සිටින) යන වචනයේ ප්‍රභේදයක් වන අතර, “යථාර්ථවාදී හෝ සත්‍ය නොවන දේ විශ්වාස කිරීම” යනුවෙන් අර්ථ දැක්වේ.
“broligarchy” වැනි සංයුක්ත පද කිහිපයක් ද එකතු කර තිබෙනවා. “bro” සහ “oligarchy” යන වචන ඒකාබද්ධ කිරීමෙන් එය “කුඩා පිරිමි කණ්ඩායමක්, විශේෂයෙන්ම තාක්ෂණික ව්‍යාපාරවල හිමිකාරීත්වය දරන හෝ සම්බන්ධ වන අතිශයින් ධනවත් සහ බලවත් පුද්ගලයන්, දේශපාලන බලපෑමක් ඇති හෝ ඇති කර ගැනීමට කැමති අය” ලෙස අදහස් වේ. ජෙෆ් බෙසෝස් (Jeff Bezos), එලොන් මස්ක් (Elon Musk) සහ මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) වැනි තාක්ෂණික නායකයින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) ජනාධිපති පදවි ප්‍රාප්තියට සහභාගී වීම විස්තර කිරීමට එය භාවිතා කර තිබෙනවා.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



