නේපාලයේ ඉන්දීය තානාපති කාර්යාලය, නේපාල රජයේ ෆෙඩරල් කටයුතු සහ පොදු පරිපාලන අමාත්‍යාංශය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ආයතන ඉන්දීය රජයේ ප්‍රදාන ආධාර යටතේ නේපාලයේ ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති (HICDPs) පහක් ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් (MoUs) අත්සන් කර තිබේ.
මෙම ප්‍රදාන ආධාර නේපාලයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා භාවිතා කිරීමට නියමිත අතර, එහි මුළු ඇස්තමේන්තුගත පිරිවැය නේපාල රුපියල් මිලියන 390ක් (NRS 390 Mn.) බව කාත්මණ්ඩු හි ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙම ව්‍යාපෘති පහ නම්, ධනුෂා (Dhanusha) දිස්ත්‍රික්කයේ, බටේශ්වර් ග්‍රාමීය නගර සභාවේ (Bateshwor Rural Municipality), බටේශ්වර්-3 හි ශ්‍රී ජන් ශක්ති ද්විතීයික පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම, පර්සා (Parsa) දිස්ත්‍රික්කයේ, පොකර්යා නගර සභාවේ (Pokhariya Municipality) ශ්‍රී මහෝබානි පදම් ද්විතීයික පාසල ඉදිකිරීම, අච්හම් (Achham) දිස්ත්‍රික්කයේ, මෙල්ලෙක් ග්‍රාමීය නගර සභාවේ (Mellekh Rural Municipality) ශ්‍රී බසුකි ද්විතීයික පාසල ඉදිකිරීම, බාරා (Bara) දිස්ත්‍රික්කයේ, ප්රසවුනි ග්‍රාමීය නගර සභාවේ-2 (Prasauni Rural Municipality-2) බෙන්ගා සායි ද්විතීයික පාසලේ ගොඩනැගිල්ල, නේවාසිකාගාරය සහ පුස්තකාලය ඉදිකිරීම සහ මනන්ග් (Manang) දිස්ත්‍රික්කයේ, නෂෝන් ග්‍රාමීය නගර සභාවේ-5 (Nashon Rural Municipality-5) ඇඳන් 5කින් යුත් රෝහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම, යන මේවා නේපාල රජයේ නගර සභා සහ ග්‍රාමීය නගර සභා ඇතුළු ප්‍රාදේශීය බලධාරීන් සහ ආයතන හරහා ක්‍රියාත්මක කරනු ලැබේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.



