ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට දැඩි හානි සිදු කළ බවට තමන් ප්‍රකාශ කරන මෑත කාලීන ගුවන් ප්‍රහාරවලින් පසුව, ඇමෙරිකාව ලබන සතියේ ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.
හේග් නුවර පැවති නේටෝ සමුළුවකදී (NATO summit) අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ, එම ප්‍රහාර “සියලු දෙනාටම ජයග්‍රහණයක්” බවත්, ඉරානය සිය න්‍යෂ්ටික හැකියාවන් නැවත ගොඩනැගීමට වඩා රාජ්‍ය තාන්ත්‍රිකත්වය තෝරා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය. ගිවිසුමක් අත්සන් කළ හැකි වුවද, එය අත්‍යවශ්‍ය යැයි තමන් නොසලකන බව ට්‍රම්ප් පැවසූ අතර, ඉරානය දැන් න්‍යෂ්ටික පොහොසත්කරණයට වඩා යථා තත්ත්වයට පත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද සඳහන් කළේය.
ඇමෙරිකානු බුද්ධි අංශ තහවුරු කළේ, ඉරාන න්‍යෂ්ටික කලාපවලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවත්, සමහර පහසුකම් නැවත ගොඩනැගීමට වසර ගණනාවක් ගත වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.



