එක්සත් ජනපදය සහ ප්‍රංශය මැදිහත් වී ඇති සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් තිබියදීත්, ලෙබනනයේ අගනුවර වන බෙරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින්, ඊශ්‍රායල හමුදාව සටන්කාමී Hezbollah කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ඝාතනය කර තිබේ.
ඝාතනය වූ පුද්ගලයා වන Haitham Ali al-Tabtabai ලෙස විස්තර කර ඇත. ඝන ජනගහනයක් සහිත ඩහීහ් (Dahieh) දිස්ත්‍රික්කයේ පිහිටි මහල් නිවාසයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
Hezbollah විසින් Tabtabai ගේ මරණය තහවුරු කර ඇති අතර, ඊශ්‍රායලය මෙම ප්‍රහාරය සිදු කිරීමෙන් රතු ඉරක් තරණය කර ඇති බවට චෝදනා කර ඇත. මාස ගණනකට පසු ඊශ්‍රායලය විසින් දකුණු බෙරූට් වෙත එල්ල කරන ලද පළමු ප්‍රහාරය මෙයයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



