ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී, මාධ්‍ය ලේකම් කැරොලින් ලීවිට්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ලැබුණු සෘජු පණිවුඩයක් ප්‍රකාශයට පත්කර ඇත. ඇය සඳහන් කළේ, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුමට එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ වේද යන්න පිළිබඳව වාර්තා වන අතරතුර, ජනාධිපති ට්‍රම්ප් මෙසේ සිය මතය ප්‍රකාශ කර ඇති බවයි.
“ඉරානය සමඟ ඉදිරි කෙටි කාලය තුළ සාකච්ඡා පැවැත්වීමට සැලකිය යුතු අවස්ථාවක් තිබිය හැකි හෝ නොතිබිය හැකි බැවින්, ඉදිරි සති දෙක තුළ මා සහභාගී විය යුතුද නැද්ද යන්න පිළිබඳව මගේ තීරණය ගනු ඇත.” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති අතර, මෙය පෙන්නුම් කරන්නේ අමෙරිකාව සෘජුවම මැදිහත් වීමේ තීරණය ඉරානය සමඟ ඉදිරියේදී පැවැත්වීමට ඉඩ ඇති සාකච්ඡාවල සම්භාවිතාව මත රඳා පවතින බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



