දකුණු කොලොම්බියාවේ Putumayo පළාතේ Puerto Leguízamo නගරය ආසන්නයේදී හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 66 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
ඇමරිකාවේ නිෂ්පාදිත C-130 හර්කියුලිස් (C-130 Hercules) වර්ගයේ මෙම ප්‍රවාහන යානය ගුවන්ගත වී සුළු මොහොතකින් මෙම අනතුරට මුහුණ දී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ හමුදා නිලධාරීන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සිටි බව ගුවන් හමුදාපති ප්‍රකාශ කර ඇත. කොලොම්බියානු ආරක්ෂක අමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් පැවසුවේ, යානයේ හටගත් ගින්නක් හේතුවෙන් එහි ප්‍රවාහනය කළ පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය පුපුරා ගොස් ඇති බවයි.
මියගිය පිරිස අතර සෙබළුන් 58ක්, ගුවන් හමුදා නිලධාරීන් 6ක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බව හමුදා ආරංචි මාර්ග තහවුරු කරයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.


