ගාසා නගරය (Gaza City) සම්පූර්ණයෙන්ම අල්ලා ගැනීම සහ පාලනය කිරීම සඳහා සැලසුම් කර ඇති භූමියේ ප්‍රහාරයක් දියත් කිරීමට පෙර, ඊශ්‍රායල හමුදාව (Israeli military) අතිරේක හමුදා භට පිරිස් (reservists) 60,000ක් පමණ කැඳවන බව පවසා තිබෙනවා.
සැප්තැම්බර් මාසයේදී මෙම අතිරේක භට පිරිස් සේවයට වාර්තා කරන බවත්, ප්‍රහාරය සඳහා යොදවන බොහෝ හමුදා සක්‍රීය සේවයේ යෙදෙන පිරිස් වනු ඇති බවත් හමුදා නිලධාරියෙකු පවසා ඇත. ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් (Israel Katz) විසින් අනුමත කරන ලද සහ මේ සතිය අගදී ආරක්ෂක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත මෙම සැලැස්මට අදාළ සූදානම් කිරීම්වල කොටසක් ලෙස, සයිටූන් (Zeitoun) සහ ජබාලියා (Jabalia) ප්‍රදේශවල දැනටමත් භට පිරිස් මෙහෙයුම් සිදු කරමින් සිටින බව නිලධාරීන් වැඩිදුරටත් පවසා ඇත.
ගාසා නගරයේ සිටින ලක්ෂ ගණනක් පලස්තීනුවන්ට (Palestinians) දකුණු ගාසා තීරයේ ඇති කඳවුරුවලට යන ලෙසට නියෝග කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊශ්‍රායලයේ බොහෝ මිත්‍ර පාක්ෂිකයින් මෙම සැලැස්ම හෙළා දැක ඇති අතර, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් (Emmanuel Macron) අනතුරු ඇඟවූයේ, එය දෙපාර්ශ්වයටම ව්‍යසනයක් ඇති කළ හැකි අතර, මුළු කලාපයම ස්ථිර යුද්ධයකට ඇද දැමීමේ අවදානමක් පවතින බවයි.
සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගනුදෙනුවක් පිළිබඳව හමාස් සමඟ පැවති වක්‍ර සාකච්ඡා පසුගිය මාසයේ බිඳ වැටීමෙන් පසු, මුළු ගාසා තීරයම යටත් කර ගැනීමට ඊශ්‍රායල රජය සිය අභිප්‍රාය නිවේදනය කළේය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



