ජපානයේ සනායි ටකායිචි (Sanae Takaichi) මහත්මිය එරට ප්රථම අගමැතිනිය බවට පත්වෙමින් ඓතිහාසික ඡන්ද විමසීමක් ජයග්රහණය කර තිබේ. 64 හැවිරිදි මෙම ගතානුගතික නායිකාව එක්සත් රාජධානියේ හිටපු අගමැතිනී මාග්රට් තැචර්ගේ අනුගාමිකාවක් ලෙස සැලකෙන අතර, ඇය ජපානයේ “යකඩ ගැහැනිය” (Japan’s “Iron Lady”) ලෙස ප්රකටය.
මෙය ඇය ජපානයේ නායිකාව වීමට ගත් තෙවැනි උත්සාහයයි. ඇය පසුගිය වසර පහ තුළ අපකීර්තිවලට ලක්වූ ඇගේ පක්ෂය වන ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් (LDP) බිහි වූ සිව්වන අගමැතිවරිය වන අතර, LDP හි දැඩි ස්ථාවරයක් දරන කණ්ඩායමට අයත් වේ.
ඇය හිටපු අගමැති ෂින්සෝ අබේ (Shinzo Abe) ගේ දේශපාලන අනුග්රහය යටතේ සිටි තැනැත්තියකි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මීට පෙර ඇයව “ඉතා ගෞරවනීය මහා ප්රඥාවන්ත පුද්ගලයෙක්” ලෙස හඳුන්වා තිබුණි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



