ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නේටෝ (NATO) සංවිධානය අතර ඇති වූ සාකච්ඡාවලින් පසු, ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් අනාගත ගනුදෙනුවක මූලික රාමුවක් සකස් කර ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශයත් සමඟ මීට පෙර යුරෝපා රටවල් අටකට පැනවීමට නියමිතව තිබූ දැඩි ආනයන බදු ඉවත් කිරීමට ද ඔහු පියවර ගෙන ඇත.
නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවැති සාකච්ඡාවලින් පසු මෙම එකඟතාවට පැමිණ ඇත. මෙය ප්‍රධාන වශයෙන් ග්‍රීන්ලන්තයේ ඛනිජ සම්පත් අයිතිය සහ ආරක්ෂක සහයෝගිතාව පිළිබඳව අවධානය යොමු කරයි. එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවලට පැනවීමට තිබූ 10% ක බදු තර්ජනය මේ වන විට ඉවත් වී ඇත. නේටෝ සංවිධානය අවධාරණය කරන්නේ ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය හෝ ඩෙන්මාර්කයේ පාලනය පිළිබඳව කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
මෙම අර්බුදය සමනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය දැක්වූ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ගැන බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් අද ඩෙන්මාර්ක අගමැතිනිය හමුවී මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිතය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



