බ්‍රිතාන්‍යයේ ප්‍රකට සිල්ලර වෙළඳසැල් ජාල දෙකක් වන Claire’s සහ The Original Factory Shop (TOFS) පරිපාලනමය බංකොලොත්භාවයට (Administration) පත්ව ඇති බව ඒවායේ හිමිකරු වන Modella Capital ආයතනය නිවේදනය කර තිබේ. මෙම තීරණයත් සමඟ බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය පුරා විසිරී ඇති වෙළඳසැල්වල සේවය කරන 2,500කගේ රැකියා අවදානමට ලක්ව ඇත.
පසුගිය නත්තල් සමයේ පාරිභෝගිකයන් පැමිණීම බලාපොරොත්තු නොවූ ලෙස පහත වැටීම මීට ප්‍රධානතම හේතුවයි. මීට අමතරව, මිනිසුන් භෞතික වෙළඳසැල්වලට පැමිණෙනවා වෙනුවට අන්තර්ජාලය හරහා (Online Shopping) භාණ්ඩ මිලදී ගැනීමට වැඩි වැඩියෙන් නැඹුරු වීම, වෙළඳසැල් පවත්වාගෙන යාමේ අධික වියදම සහ ඉහළ යන උද්ධමනය හමුවේ ලාභදායී ලෙස ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකි වීම හේතු ලෙස දක්වා ඇත.
Modella Capital ආයතනය සහ තවත් ව්‍යාපාරික නායකයින් චාන්සලර් රේචල් රීව්ස් (Rachel Reeves) ගේ අයවැය යෝජනා දැඩි ලෙස විවේචනය කරති. විශේෂයෙන්ම ජාතික රක්ෂණ දායකත්වය (National Insurance) ඉහළ දැමීම, මෙහෙයුම් පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා කුඩා සහ මධ්‍යම පරිමාණ වෙළඳසැල් පීඩාවට පත්වීම ආදිය ඒ අතර වේ.
Modella Capital සමාගම මෑතකදී WH Smith හි අධිවේගී මාර්ග වෙළඳසැල් (High street stores) මිලදී ගෙන ඒවා TG Jones ලෙස නම් කළ අතර, Hobbycraft ආයතනයද ඔවුන්ගේ පාලනය යටතේ පවතී. මෙම පරිපාලන ක්‍රියාවලිය හරහා නව ගැනුම්කරුවෙකු සොයා ගන්නා තෙක් වෙළඳසැල් තාවකාලිකව විවෘතව පවතිනු ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



