මැලේසියාවේ ලන්කාවි (Langkawi) හිදී කොටු ජෙලිෆිෂ් දෂ්ට කිරීමෙන් රුසියානු දරුවෙක් මිය යයි

මැලේසියාවේ ලැන්කාවි (Langkawi) වෙරළ තීරයේදී කොටු ජෙලිෆිෂ් (box jellyfish) දෂ්ට කිරීමකට ලක් වූ 2 හැවිරිදි රුසියානු පිරිමි ළමයෙකු දින පහකට පසු මිය ගොස් තිබේ.

නොවැම්බර් 15 වැනිදා දෂ්ට කිරීමට ලක් වූ ව්ලැඩිමීර් ඉකුබනෙට්ස් (Vladimir Iakubanets) බදාදා (නොවැම්බර් 19) දරුණු සංකූලතා හේතුවෙන් කෙඩා ප්‍රාන්තයේ ප්‍රධාන භූමියේ පිහිටි සුල්තානා බහියා රෝහලේදී (Sultanah Bahiyah Hospital) මිය ගිය බව මැලේසියානු පුවත් සේවයක් වන New Straits Times (NST) වාර්තා කර ඇත.

ලන්කාවි යනු කෙඩාට ඔබ්බෙන් වූ ප්‍රධාන දූපත් සංචාරක ගමනාන්තයකි. 32 හැවිරිදි තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකු වන පිරිමි ළමයාගේ පියා නිකිටා (Nikita) මැලේසියානු මාධ්‍යවේදීන්ට පැවසුවේ තම පුතා වෙරළ ආසන්නයේ නොගැඹුරු ජලයේ සිටියදී මෙම දෂ්ට කිරීමට ලක් වූ බවයි.

NST වාර්තා කර ඇත්තේ පිරිමි ළමයාගේ දෙමාපියන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ ව්ලැඩිමීර්ගේ මරණය කොටු ජෙලිෆිෂ්ගෙන් ඇති විය හැකි අවදානම් පිළිබඳව මතක් කිරීමක් වනු ඇති බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Scroll to Top