මැලේසියාවේ සිසුන් 6,000ක් පමණ උණ රෝගය (Influenza) ආසාදනයට ලක්වීම හේතුවෙන් ළමුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා පාසල් කිහිපයක් වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පවසා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් අසාම් අහමඩ් (Mohd Azam Ahmad) ප්‍රකාශ කර ඇත්තේ, මුඛ ආවරණ භාවිතය දිරිමත් කිරීමට සහ සිසුන් අතර විශාල කණ්ඩායම් ක්‍රියාකාරකම් අවම කිරීමට පාසල්වලට උපදෙස් දී ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ දී රට පුරා උණ පොකුරු 97ක් වාර්තා කළ අතර, එය ඊට පෙර සතියේ වාර්තා වූ පොකුරු 14ට සාපේක්ෂව විශාල ඉහළ යෑමකි. මෙයින් බොහොමයක් පාසල්වලින් සහ ළදරු පාසල්වලින් වාර්තා වි ඇත.
උණ පොකුරු වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රාන්ත ලෙස සෙලන්ගෝර් (Selangor), ක්වාලාලම්පූර් (Kuala Lumpur), පුත්‍රජායා (Putrajaya), පීනෑං (Penang), ජොහෝර් (Johor) සහ කෙඩා (Kedah) හදුන්වා දී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.



