£ මිලියන 3ක සාද දූපතක් බවට පත් වූ පාළු බලකොටුව

19 වැනි සියවසේ ඉදිකරන ලද නැපෝලියන් බලකොටුවක් (Napoleonic fort) සාද පැවැත්වෙන ස්ථානයක් බවට පත් කළ හිටපු මෘදුකාංග සමාගම් හිමිකරුවෙකු පිළිබඳ වාර්තා වේ. 52 හැවිරිදි මයික් කොනර් (Mike Conner), 2017 මැයි මාසයේදී, පෙන්බ්‍රෝක්ෂයර්හි (Pembrokeshire) මිල්ෆෝර්ඩ් හේවන් (Milford Haven) අසල පිහිටි තෝර්න් දූපත (Thorne Island) පවුම් 555,000කට මිලදී ගෙන ඇත.

ඉතිහාසයෙන් පිරුණු, මිනිසුන් 100 දෙනෙකුට සිටිය හැකි මෙම බලකොටුව මුලින්ම ඉදිකර ඇත්තේ 1850 දශකයේදී, කාර්යබහුල මිල්ෆෝර්ඩ් හේවන් වරාය ප්‍රංශ නාවික ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමටයි. මෙම දූපත බලකොටුවක් බවට පත් කිරීමට පළමු යෝජනාව 1817 දී ඉදිරිපත් කළ නමුත්, එය ක්‍රියාත්මක කළේ 1852 න් පසුවය. දූපතේ වෙබ් අඩවියට අනුව, දූපතේ පිවිසුම මත 1854 යන දිනය කැටයම් කර ඇත.

එය 1947 දී හෝටලයක් බවට පරිවර්තනය කරන ලද අතර, 1999 දී විකිණීමට පෙර උපන්දින සාද, විවාහ මංගල්‍ය සහ සාද සඳහා කුලියට ලබා දී ඇත. 2001 වන විට Von Essen හෝටල් සමූහය විසින් මෙම ගොඩනැගිල්ල මිලදී ගත් අතර, ප්‍රධාන භූමියට ප්‍රවේශය සඳහා කේබල් කාර් එකක් (cable car) සමඟින් හෝටලය නැවත විවෘත කිරීමට පවුම් මිලියන 4ක් වැය කිරීමට අදහස් කර ඇත.

පෙර හිමිකරුවෙකු යටතේ සාද සඳහා ප්‍රසිද්ධව තිබූ මෙම ගොඩනැගිල්ල, වසර 17ක් පුරා පාළුවට ගොස් තිබූ අතර, එය නැවත ජීවත්විය හැකි තත්ත්වයට ගෙන ඒමට ඔහුට වසරක් පමණ ගත වී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top