රුසියාව අද අලුයම යුක්‍රේනයේ අගනුවර වන කියෙව් වෙත ඩ්‍රෝන යානා සහ මිසයිල රැසක් යොදාගෙන ප්‍රහාර එල්ල කර තිබේ. මහල් නිවාස සංකීර්ණයක් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇති අතර, ගිනිගැනීම් ද වාර්තා වී ඇත. නගර නිලධාරීන් පවසන පරිදි අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තාවේ.
මිසයිල හඬ සහ ඩ්‍රෝන යානා පොකුරු වශයෙන් අහසේ දර්ශනය වූ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් වාර්තා කළහ. නගරය තුළ පැවති ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම පැය හතකට වඩා වැඩි කාලයක් පැවති බවට වාර්තාවේ.
නගර මධ්‍යයට ආසන්න සොලොමියන්ස්කි (Solomianskyi) දිස්ත්‍රික්කය වඩාත්ම හානියට පත් වූ ස්ථානවලින් එකකි. ඩ්‍රෝන යානයක් ගොඩනැගිල්ලක ඉහළ මාලයට වැදී ඇති අතර, ළදරු පාසලකට ද හානි සිදුව ඇත. සමහර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබේ.
කියෙව් නගරාධිපතිවරයා සහ හමුදා නිලධාරීන් ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්ක පහක් පුරා බහුවිධ ප්‍රහාර එල්ල වූ මෙය “ඉතා දුෂ්කර රාත්‍රියක්” බවයි.
මීට අමතරව ගිනිකොන දිග සැපොරීෂියා (Zaporizhzhia) ඇතුළු යුක්‍රේනයේ අනෙකුත් ප්‍රදේශවලට ද ප්‍රහාර එල්ල වී ඇත.
රුසියාව ප්‍රකාශ කළේ, මොස්කව් වෙත එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් වළක්වා ගත් බවත්, එරට ගුවන් තොටුපළවල් කෙටි කලකට වසා දැමූ බවත්ය.
යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් යුක්‍රේනය සහ රුසියාව මෑතකදී සාකච්ඡා පවත්වා ඇතත්, සිරකරුවන් හුවමාරු කිරීම හැර වෙනත් ප්‍රගතියක් ලබාගෙන නොමැත.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters අනුග්‍රහයෙනි



