ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක් ලබා ගැනීම සම්බන්ධයෙන් වූ අපරාධ කුමන්ත්‍රණ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසිට වසර පහක සිර දඬුවමක් නියම වී ඇත. කෙසේ වෙතත්, පැරිස් අධිකරණය විසින් ඔහු දූෂණ සහ නීතිවිරෝධී මැතිවරණ ව්‍යාපාර අරමුදල් චෝදනාවලින් නිදොස් කළ නමුත්, ඔහුගේ 2007 මැතිවරණ ව්‍යාපාරය සඳහා ලිබියානු සහාය ලබා ගැනීමට ඔහු තම සහායකයන්ට ඉඩ දුන් බවට තීරණය කළේය.
2007 සිට 2012 දක්වා ජනාධිපති ලෙස සේවය කළ 70 හැවිරිදි සාර්කෝසිට යුරෝ 100,000ක දඩයක් ද නියම විය. ඔහු මෙම තීන්දුව නීතියේ ආධිපත්‍යයට අතිශයින් බරපතළ බව පවසමින් අභියාචනයක් ඉදිරිපත් කරන බවට ප්‍රතිඥා දුන්නේය. කෙසේ වෙතත්, අභියාචනය කරන අතරතුරදී වුවද ඔහුට සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත.
මෙම නඩුව දේශපාලනික අරමුණු මත පදනම් වූවක් බව පවසන සාර්කෝසි, තමන් කිසිදු වරදක් නොකළ බව ප්‍රතික්ෂේප කරයි. ට්‍රිපොලි නගරයෙන් සාර්කෝසිගේ මැතිවරණ ව්‍යාපාරය වෙත යුරෝ මිලියන 50ක් දක්වා මුදල් ගලා ආ බවට චෝදනා කරමින්, ලිබියානු නිලධාරීන්ගේ සහ අතරමැදියන්ගේ සාක්ෂි මෙම නඩු විභාගයේදී හෙළි විය.
හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන් වන ක්ලෝඩ් ගේන්ට් සහ බ්‍රයිස් හෝර්ටෆියුක්ස් ඇතුළු තවත් ඉහළ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකුට ද දඬුවම් නියම විය. සාර්කෝසිගේ බිරිඳ වන කාර්ලා බෲනි-සාර්කෝසි හට සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් වෙනම චෝදනා එල්ල වී ඇති අතර, ඇය ඒවා ප්‍රතික්ෂේප කරයි.
සාර්කෝසිට එරෙහිව එල්ල වූ දඬුවම් මාලාවේ නවතම තීන්දුව මෙය වන අතර, ඔහු දැනටමත් 2012 මැතිවරණ ව්‍යාපාරය සඳහා අධික ලෙස වියදම් කිරීම සහ 2014 දී විනිසුරුවරයෙකුට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා ඇත. ප්‍රංශ දේශපාලන ඉතිහාසයේ සිරගත වන පළමු හිටපු ජනාධිපතිවරයා ඔහු වීම මෙම සිද්ධියේ සුවිශේෂීත්වයයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



