අමෙරිකාව ලොව පුරා ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම හේතුවෙන්, අමෙරිකානු රජය ඉරිදා (ජූනි 22) දින ලොව පුරා ආරක්ෂක අනතුරු ඇඟවීමක් (Worldwide Caution Security Alert) නිකුත් කරමින්, විදේශගත අමෙරිකානු පුරවැසියන්ට වැඩි අවධානයක් යොමු කරන ලෙස උපදෙස් දී තිබේ.

මෙම උපදෙස් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම මැදපෙරදිග පුරා ගමන් බිමන්වලට බාධා ඇති කර ඇති බවත්, ගුවන් අවකාශය විටින් විට වසා දැමීමට හේතු වී ඇති බවත්ය. තවද, විදේශයන්හි සිටින අමෙරිකානු පුරවැසියන්ට සහ අමෙරිකානු අවශ්‍යතාවලට එරෙහිව උද්ඝෝෂණ ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා සිටින අමෙරිකානු පුරවැසියන්ට ඔවුන්ගේ ස්ථානය කුමක් වුවත් වැඩි අවධානයක් යොමු කරන ලෙස තරයේ උපදෙස් දුන්නේය. ජාත්‍යන්තර ගමන් බිමන් සැලසුම් කරන අයට, සංචාරක උපදෙස්, නිශ්චිත රටවල් පිළිබඳ තොරතුරු සහ ඕනෑම නවතම ආරක්ෂක අනතුරු ඇඟවීම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු https://travel.state.gov/content/travel/en/international-travel/International-Travel-Country-Information-Pages.html යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තහවුරු කර ගත හැකිය.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු News Wire ඇසුරෙනි.

Scroll to Top