ඉරානයෙන් කටාර්හි විශාලතම අමෙරිකානු කඳවුරට මිසයිල ප්‍රහාර!

ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) කටාර්හි පිහිටි මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්උඩෙයිඩ් (Al-Udeid) වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. සෙනසුරාදා සවස සිය න්‍යෂ්ටික බලාගාර තුනකට අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙය සිදුකළ බව ඉරානය ප්‍රකාශ කළේය.

අල්උඩෙයිඩ් කඳවුර කලාපයේ සියලුම ගුවන් මෙහෙයුම් සඳහා අමෙරිකානු හමුදාවේ මූලස්ථානය ලෙස සේවය කරන අතර, බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයින් එහි සේවය කරති. ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රථමයෙන් මෙම ප්‍රහාරය තහවුරු කළ අතර, පසුව හමුදාව එය තහවුරු කළේය. ඉරාන හමුදාවේ බලවත්ම ශාඛාව වන IRGC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ඉරානය සිය ස්වෛරීභාවයට එල්ල වන කිසිදු ප්‍රහාරයක් නොසලකා හරිනු නොලබනබවය.

අමෙරිකාව මීට පෙර ඉරානයට සිය න්‍යෂ්ටික බලාගාරවලට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර නොදක්වන ලෙස අනතුරු අඟවා තිබූ අතර, කලාපයේ සතුරුකම් රාජ්‍යතාන්ත්‍රිකව අවසන් කිරීමට ටෙහෙරානයේ නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රහාරයට පෙර, අමෙරිකාව සහ එක්සත් රාජධානිය යන දෙරටම කටාර්හි සිටින තම පුරවැසියන්ටආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසඋපදෙස් දී තිබුණි. රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, කටාර්හි අමෙරිකානු පුරවැසියන් 8,000 ක් පමණ මෙන්ම බ්‍රිතාන්‍ය පුරවැසියන් දහස් ගණනක් ජීවත් වෙති.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top