BYD, Chery, සහ Great Wall Motor වැනි චීන මෝටර් රථ නිෂ්පාදකයෝ තම අලෙවිය ඉහළ නැංවීම සඳහා අප්‍රිකාව වෙත යොමු වෙමින් සිටී. එක්සත් ජනපදයට සහ යුරෝපයට මෝටර් රථ අපනයනය කිරීමේදී සීමාවන්ට මුහුණ දීමට සිදු වන බැවින්, ඔවුන් අප්‍රිකාව නව වෙළෙඳපොළක් ලෙස දකින අතරදකුණු අප්‍රිකාව මෙම උපාය මාර්ගයේ ප්‍රධාන කොටසක් වේ.එය අප්‍රිකාවේ වඩාත්ම දියුණු මෝටර් රථ වෙළෙඳපොළයි.දකුණු අප්‍රිකාවේ අලෙවි වන චීන මෝටර් රථ සන්නාම 14න් අඩකට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසරේදී පමණක් දියත් කර ඇති අතර, තවත් සමාගම් රැසක් නුදුරේදීම එහි අලෙවිය ආරම්භ කිරීමට සැලසුම් කරයි.
චීන මෝටර් රථ නිෂ්පාදකයෝ ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා අඩු මිල ගණන් ඉදිරිපත් කරන අතර සමහර සමාගම් දේශීයව මෝටර් රථ නිෂ්පාදනය කිරීම සඳහා දකුණු අප්‍රිකාවේ කර්මාන්තශාලා ඉදිකිරීම පිළිබඳව සලකා බලමින් සිටී. මෙය ඔවුන්ට රජයේ සහන ලබා ගැනීමටත්, අනෙකුත් අප්‍රිකානු රටවලට සහ සමහර විට යුරෝපයට පවා මෝටර් රථ අපනයනය කිරීමටත් උපකාරී වනු ඇත.
Chery සමාගම දැනටමත් දේශීය නිෂ්පාදනයේ හැකියාව පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින අතර, අනෙකුත් වෙළෙඳ නාම ද සමාන සැලසුම් සලකා බලමින් සිටින බවට වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.



