ට්‍රම්ප්ට පාදයේ ශිරා රෝගී තත්ත්වයක්; ධවල මන්දිරය කියයි

ඇමෙරිකා එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බහුලව දක්නට ලැබෙන සහ සාමාන්‍යයෙන් බරපතල නොවන ශිරා රෝගී තත්ත්වයක් වන නිදන්ගත ශිරා ඌනතාවය (chronic venous insufficiency) වැළඳී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.

79 හැවිරිදි ට්‍රම්ප්ගේ පාදවල ඉදිමීමක් දුටු නිසා සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් පසු මෙම රෝග විනිශ්චය සිදු කර ඇත. මෙම තත්ත්වය ඇතිවන්නේ පාදවල ඇති ශිරා මගින් රුධිරය නිසි ලෙස හදවතට යැවීමට නොහැකි වූ විටය. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා තහවුරු කළේ ගැඹුරු ශිරා ත්‍රොම්බෝසිස් (deep vein thrombosis) වැනි භයානක සංකූලතාවල සලකුණු නොමැති බවයි.

සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකින් ඔහුගේ හදවත, වකුගඩු සහ අනෙකුත් අවයව සාමාන්‍යයෙන් ක්‍රියා කරන බව පෙන්නුම් කර ඇති අතර, සමස්තයක් ලෙස ට්‍රම්ප් යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව ඔහුගේ වෛද්‍යවරයා සඳහන් කර ඇත. මෙම තත්ත්වය ඔහුගේ දෛනික කටයුතුවලට හෝ සංචලතාවයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට ඉඩක් නොමැති බව ධවල මන්දිරය වාර්තා කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top