ප්‍රංශය පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව මැක්‍රෝන් කියයි

ප්‍රංශය (France) සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යයක් (Palestinian state) නිල වශයෙන් පිළිගන්නා බව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ප්‍රංශය එසේ කරන පළමු G7 (කාර්මික වශයෙන් දියුණු රටවල් හතේ සමූහය) ජාතිය බවට පත්වනු ඇත.

මැක්‍රෝන් X (ට්විටර්) හි පළ කරන ලද සටහනක සඳහන් කළේ, මෙම නිවේදනය නිව් යෝර්ක් (New York) හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයකදී සිදු කරන බවයි.

මැක්‍රෝන්ගේ මෙම තීරණය පලස්තීන නිලධාරීන් විසින් පිළිගත් අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) කියා සිටියේ, හමාස් සංවිධානය (Hamas) 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට (Israel) එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ගත් මෙම පියවර ත්‍රස්තවාදයට ත්‍යාග පිරිනැමීමක් බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top