තායිලන්තය (Thailand) සහ කාම්බෝජය (Cambodia) අතර පවතින දේශසීමා ගැටුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය (United Nations Security Council) අද (ජූලි 25) හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිත බව සදහන් වේ.
දිගු කලක් තිස්සේ පැවති දේශසීමා ආරවුලක් බ්‍රහස්පතින්දා (ජූලි 24) දින දැඩි සටනක් දක්වා වර්ධනය වූ අතර, තායිලන්තයේ සුරින් (Surin) පළාත සහ කාම්බෝජයේ ඔඩ්ඩර් මීන්චේ (Oddar Meanchey) අතර දේශසීමාවේ පිහිටි පන්සල් දෙකක් ආසන්නයේ ප්‍රචණ්ඩත්වය ඇවිලී ගියා.
කාම්බෝජය තායිලන්තයට රොකට් සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර, තායි හමුදාව දේශසීමාව හරහා හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා F-16 ජෙට් යානා යොදවා තිබෙනවා. ඔවුන් තවදුරටත් කියා සිටියේ, කාම්බෝජය කාලතුවක්කු සහ රොකට් ඇතුළු බර අවි භාවිතා කරන බවයි.
තායිලන්තයේ වැඩබලන අගමැති ෆුම්තාම් වෙචයාචායි (Phumtham Wechayachai) අද (ජූලි 25) අනතුරු ඇඟවා ඇත්තේ, දේශසීමා ගැටුම් “යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි” බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.



