ගංජා මත්ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය වෙනස් කිරීමට ට්‍රම්ප්ගෙන් ඉඟියක්

ගංජා (cannabis) අඩු අන්තරායකර මත්ද්‍රව්‍යයක් (less dangerous drug) ලෙස නැවත වර්ගීකරණය කිරීමට තම පරිපාලනය සලකා බලමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) පවසා ඇත. ධවල මන්දිරයේ (White House) මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි සති කිහිපය තුළ මෙම මත්ද්‍රව්‍යයේ නීතිමය වර්ගීකරණය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

කෙසේවෙතත්, ට්‍රම්ප්ගේ අදහස්වලින් පසුව, ගංජා ආශ්‍රිත ව්‍යාපාරවල කොටස් (stocks) ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. නිව් යෝර්ක් (New York) හි පිහිටි Tilray Brands සමාගම 42%කින් පමණ ඉහළ ගිය අතර, කැනඩාවේ Village Farms International සහ Canopy Growth Corp සමාගම් පිළිවෙලින් 34%කින් සහ 26%කින් ඉහළ ගොස් ඇත.

ඇමරිකානු ප්‍රාන්ත 24ක විනෝදාස්වාදය සඳහා ගංජා සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල වුවද, ෆෙඩරල් මට්ටමින් (federal level) මෙම මත්ද්‍රව්‍ය භාවිතය සහ සන්තකයේ තබා ගැනීම නීති විරෝධී වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top