එංගලන්තය (England), වේල්ස් (Wales) සහ උතුරු අයර්ලන්තයේ (Northern Ireland) සිසුන් ලක්ෂ ගණනක් ඔවුන්ගේ GCSE, BTec සහ Cambridge National විභාග ප්‍රතිඵල ලබා ගනිමින් සිටිති.
GCSE යනු General Certificate of Secondary Education යන සහතිකයයි. මෙය සිසුන්ගේ අනිවාර්ය පාසල් අධ්‍යාපනය අවසන් වන අවස්ථාවේදී (වයස අවුරුදු 15 – 16) සම්පුර්ණ කරන ප්‍රධාන විභාගය වේ.
එංගලන්තයේ GCSE විභාග සඳහා 9-1 දක්වා සංඛ්‍යාත්මක ශ්‍රේණි (numerical grades) භාවිතා කරන අතර, වේල්ස් සහ උතුරු අයර්ලන්තයේ තවමත් A සිට U දක්වා අකුරු ශ්‍රේණි (letter grades) භාවිතා කරයි. 2024 වසරේ සමත් වීමේ ප්‍රතිශතය තුන්වන වසරටත් අඩුවීමෙන් පසුව, මේ වසරේ ප්‍රතිඵල පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත. මේ පිළිබඳව ජාතික දත්ත නිකුත් කිරීමට නියමිතය.
ස්කොට්ලන්තයේ (Scotland) සිසුන් මේ මාසය මුලදී ඔවුන්ගේ ප්‍රතිඵල ලබා ගත් අතර, එහිදී සමත් වීමේ ප්‍රතිශතය පසුගිය වසරට වඩා තරමක් වැඩි වී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



