ගුවන් යානයට රැගෙන යන ගමන් මලු ප්‍රමාණයට වඩා විශාල ගමන් මලු රැගෙන එන මගීන් හඳුනා ගන්නා Ryanair ගුවන් සේවයේ සේවකයින් සඳහා ලබා දෙන ප්‍රසාද දීමනාව (€1.50 සිට €2.50 දක්වා) වැඩි කරන බව එම ගුවන් සමාගම පවසා ඇත.
මෙම වෙනස ලබන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති අතර, මෙම ප්‍රසාද දීමනාවෙන් නියමිත ප්‍රමාණයට වඩා විශාල ගමන් මලු රැගෙන එන සුළුතරයක් දිරිගැන්වීම අරමුණු කරන බව ඕ’ලියරි මහතා පවසා ඇත. ඔහු තවදුරටත් කියා සිටියේ, මෙම නීති රීතිවලට අනුකූල නොවන මගීන් හඳුනා ගැනීමට සහ එම සේවකයින්ට ත්‍යාග පිරිනැමීමට තමා බලාපොරොත්තු වන බවයි.
ඔහුට අනුව, වසරකට මගීන් 200,000ක් පමණ අමතර ගාස්තු ගෙවීමට සිදුවන අතර, Ryanair මගීන්ට එක් කුඩා අත්බෑගයක් නොමිලේ රැගෙන යාමට අවසර ඇත. කෙසේ වෙතත්, යුරෝපා සංගම් නීතිවල වෙනසක් හේතුවෙන් සැප්තැම්බර් මාසයේ සිට එහි ප්‍රමාණය 40cm x 30cm x 20cm දක්වා වැඩි වීමට නියමිතයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



