ලොව පුරා මිලියන 100 කට අධික ජනතාවක්, අවම වශයෙන් ළමුන් මිලියන 15 ක්ද ඇතුළුව, විද්‍යුත් සිගරට් (e-cigarettes) හෙවත් ‘වේප්’ (Vape) භාවිත කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි. එමෙන්ම, මෙම තත්ත්වය නිකොටින්වලට ඇබ්බැහි වීමේ නව රැල්ලකට පෙළඹවීමක් බවද එම සංවිධානය අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි, ලබා ගත හැකි ගෝලීය සංඛ්‍යාලේඛන අනුව, ළමුන් වැඩිහිටියන්ට වඩා සාමාන්‍යයෙන් නව ගුණයකින් වේප් භාවිතයට නැඹුරු වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය එටියන් කෘග් (Dr. Etienne Krug) මහතා පැවසුවේ විද්‍යුත් සිගරට් මගින් නිකොටින්වලට ඇබ්බැහි වීමේ නව රැල්ලක් ඇති කරන බවයි. ඒවා හානි අවම කිරීමේ ක්‍රම ලෙස අලෙවි කරනු ලැබුවද, යථාර්ථයේ දී, ඒවා ළමුන් කලින්ම නිකොටින්වලට ඇබ්බැහි කරවනු ලබන අතර, දශක ගණනාවක් පුරා කරන ලද ප්‍රගතිය අඩපණ වීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් (Dr. Tedros) මහතා, දුම්කොළ කර්මාන්තයට චෝදනා කරමින් කියා සිටියේ, ඔවුන් ආක්‍රමණශීලීව තරුණ පිරිස් ඉලක්ක කර ගන්නා බවයි.
මෙම වේප් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ඇස්තමේන්තුවක් පමණි. ඊට හේතුව රටවල් 109 ක් (බොහෝ අප්‍රිකානු සහ අග්නිදිග ආසියානු රටවල්) මේ පිළිබඳව දත්ත රැස් නොකිරීමයි. ළමුන් අතර වේප් භාවිතය පාලනය කිරීම සඳහා බොහෝ ජාතීන් නියාමනයන් හඳුන්වා දී ඇතත්, 2024 අවසානය වන විට තවමත් රටවල් 62 ක කිසිදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකව නොතිබූ අතර, රටවල් 74 ක විද්‍යුත් සිගරට් මිලදී ගත හැකි අවම වයසක් නියම කර නොතිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



