පැරිසියේ Louvre කෞතුකාගාරයේදී සොරකම් කළ මැණික් වටිනාකම ඩොලර් මිලියන 102ක්!

පසුගිය සති අන්තයේ පැරිසියේ ලුවර් කෞතුකාගාරයෙන් (Louvre Museum) සොරකම් කරන ලද රාජකීය ස්වර්ණාභරණවල වටිනාකම ඩොලර් මිලියන 100කට (යුරෝ මිලියන 88කට පමණ) වඩා වැඩි බව ප්‍රංශ නඩු පවරන්නෙකු පවසා ඇත.

සොරකම් කරන ලද ස්වර්ණාභරණ අයිතම අටට 19 වැනි සියවසේ Marie-Amélie රැජිනගේ සහ Hortense රැජිනගේ කිරීටකයක් සහ කරාබු කට්ටලයක් ඇතුළත් විය. අධිරාජිනී යුජිනීගේ (Empress Eugenie) කිරුළ කෞතුකාගාරයෙන් පිටත තිබී සොයාගෙන ඇති අතර, එය පෙනෙන විදිහට සොරකම් කළ අය පලා යන අතරතුර අතහැර දමා ගොස් ඇත. පැරිස් මහජන නඩු පවරන්නිය වන Laure Beccuau ප්‍රකාශ කර ඇත්තේ, හානිය යුරෝ මිලියන 88ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි. එය ඩොලර් මිලියන 102කට ආසන්න අගයකි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top