Catherine Connolly අයර්ලන්තයේ 10 වන ජනාධිපතිනිය ලෙස තේරී පත් වෙයි

Catherine Connolly අයර්ලන්ත ජනරජයේ මීළඟ ජනාධිපතිනිය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඇය, උපරිම ධුර කාල දෙකක් සේවය කළ Michael D Higgins ගෙන් පසුව, රටේ 10 වන ජනාධිපතිනිය ලෙස දිවුරුම් දීමට නියමිතයි.

සෙනසුරාදා දින අලුයම සිය පරාජය පිළිගත් Heather Humphreys මහත්මිය, මෙම ස්වාධීන අපේක්ෂිකාව අප සැමගේම ජනාධිපතිනිය වනු ඇත යනුවෙන් ප්‍රකාශ කර තිබේ. අයර්ලන්ත ජනරජයේ විශාලතම පක්ෂය වන ෆියානා ෆේල් හි අපේක්ෂක Jim Gavin ඔක්තෝබර් මස මුලදී තරඟයෙන් ඉවත් විය. අයර්ලන්තයේ අග්‍රාමාත්‍ය (Taoiseach) Michéal Martin මහතා ප්‍රකාශ කර ඇත්තේ, Connolly මහත්මියට සුවිශේෂී ගෞරවයක් හිමි වී ඇති බවයි.

මෙම මැතිවරණයේදී අනවශ්‍ය ලෙස ප්‍රතික්ෂේප වූ ඡන්ද පත්‍රිකා ප්‍රමාණයක් වාර්තා වීම සුවිශේෂී කරුණක් විය. බොහෝ ඡන්දදායකයන් ආගමන විගමන වැනි ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ අතෘප්තිය පළ කිරීමට මෙම මැතිවරණය අවස්ථාවක් ලෙස භාවිත කර තිබේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top