අර්බුදයට මැදි වූ තායිලන්ත-කාම්බෝජ දේශසීමාවට ‘සාම ගිවිසුමක්’ ට්‍රම්ප් ඉදිරියේදී අත්සන් තබයි

තායිලන්තය සහ කාම්බෝජය අතර මතභේදයට තුඩු දී ඇති දේශසීමා කලාපයේ සියලු සතුරුකම් නවතා දැමීමටත්, අත්අඩංගුවට ගත් සොල්දාදුවන් නිදහස් කිරීමටත් දෙරට එකඟ වී තිබේ. මෙය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාම ගිවිසුමක් සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් කළ ඇදහිය නොහැකි කාර්යයක් ලෙස හැඳින්වීය.

ASEAN සමුළුව අතරතුර, ඉරිදා (ඔක්තෝබර් 26) දිනදී තායිලන්ත අගමැති Anutin Charnvirakul සහ කාම්බෝජියානු අගමැති Hun Manet විසින් මෙම ගිවිසුමට අත්සන් තැබීමට ට්‍රම්ප් මුලසුන දැරීය. දකුණු ආසියානු කලාපීය කණ්ඩායමේ සභාපතිත්වය දරන මැලේසියාවේ අග්‍රාමාත්‍ය Anwar Ibrahim ද මෙම ගිවිසුමට සාක්ෂි දැරීය.

ට්‍රම්ප්ට අනුව, මෙම ගිවිසුමට දෙරට අතර සියලු සතුරුකම් නතර කිරීම, අත්අඩංගුවේ සිටි කාම්බෝජ සොල්දාදුවන් 18 දෙනෙකු නිදහස් කිරීම සහ සාමය තහවුරු වී පවතින බවට සහතික වීම සඳහා මැලේසියාව ඇතුළු ASEAN නිරීක්ෂකයන් යෙදවීම ඇතුළත් වේ.

ට්‍රම්ප් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජනපදය කාම්බෝජය සමඟ ප්‍රධාන වෙළඳ ගිවිසුමකට ද, තායිලන්තය සමඟ ඉතා වැදගත් අත්‍යවශ්‍ය ඛනිජ ගිවිසුමකට ද අත්සන් තබන බවයි. මැලේසියානු අගමැති අන්වර් ද ගිවිසුම සඳහා ට්‍රම්ප් ගත් උත්සාහය සහ දේශසීමා සතුරුකම් අවසන් කිරීමට දැක්වූ උනන්දුව අගය කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Scroll to Top