කැනඩාවේ බ්‍රැන්ට්ෆෝර්ඩ් (Brantford) නගරයේ සැන්ටා ක්ලවුස් පෙළපාලි මාර්ගයක් අසල නිවසක ජනේලයේ ප්‍රදර්ශනය කර තිබූ සැන්ටාට එරෙහි පුවරු සම්බන්ධයෙන් ඇමතුම් ලැබීමෙන් පසු, “Grinch” කෙනෙකු වීම නීති විරෝධී නොවන බවට පොලිසිය මහජනතාවට සිහිපත් කර ඇත.
ටොරොන්ටෝ නගරයට කිලෝමීටර 103 ක් (සැතපුම් 64 ක්) බටහිරින් පිහිටි බ්‍රැන්ට්ෆෝර්ඩ් හි නිවසක ජනේලයේ සති අන්තයේ මෙම පුවරු දක්නට ලැබුණි. සමාජ මාධ්‍යවල පළ වූ ඡායාරූපවල “Santa is fake” (සැන්ටා බොරුය) සහ “Your parents are Santa” (ඔබේ දෙමාපියන් තමයි සැන්ටා) යනුවෙන් සදහන් වී ඇත.
පොලිසිය පවසා ඇත්තේ, මෙම පුවරු සම්බන්ධයෙන් කෝපයට පත් පදිංචිකරුවන්ගෙන් ඇමතුම් කිහිපයක් තමන්ට ලැබුණු බවත්, වගකිවයුතු පුද්ගලයාගෙන් ඒවා ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බවත්ය. පොලීසිය වැඩිදුරටත් පවසා ඇත්තේ Grinch කෙනෙකු වීම නීති විරෝධී නොවන අතර, සැන්ටා ක්ලවුස් පෙළපාලිය වැනි අවස්ථාවන්හිදී විශේෂයෙන්ම, සැම දෙනාම උත්සව සමයේ ආත්මය වැළඳ ගැනීමටත්, ධනාත්මක, පිළිගැනීමේ ප්‍රජාවක් පෝෂණය කිරීමටත් උනන්දු කලයුතු බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



