පිළිකා අවදානමක් සහිත දායකයෙකුගේ ශුක්‍රාණු මගින් දරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක් පිළිසිඳගෙන

පිළිකා අවදානම ඉහළ නංවන ජාන විකෘතියක් නොදැනුවත්වම දරා සිටි ශුක්‍රාණු දායකයෙකු විසින් යුරෝපය පුරා දරුවන් 197 ක් වත් පියත්වරයෙකු වී ඇති බව ප්‍රධාන පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙම ශුක්‍රාණු දායකයා 2005 වසරේදී ශිෂ්‍යයෙකු ලෙස දායකත්වය ලබා දීම ආරම්භ කර ඇති අතර, වසර 17 ක් පමණ ඔහුගේ ශුක්‍රාණු භාවිත කර ඇත. ඔහු සෞඛ්‍ය සම්පන්නව සිටියද, ඔහුගේ සෛලවල DNA උපතට පෙර විකෘති වී ඇත. මෙය TP53 ජානයට හානි කර ඇති අතර, එම ජානයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ශරීර සෛල පිළිකා බවට පත්වීම වැළැක්වීමයි.

මෙම විකෘතිය සහිත ශුක්‍රාණු මගින් බිහි වූ ඕනෑම දරුවෙකුගේ ශරීරයේ සෑම සෛලයකම මෙම විකෘතිය පවතී. මෙය Li Fraumeni syndrome ලෙස හඳුන්වනු ලබන අතර, මෙහිදී පිළිකාවක් ඇතිවීමේ අවදානම 90% ක් දක්වා ඉහළ යයි. මෙය විශේෂයෙන්ම ළමා වියේදී සහ පසුව පියයුරු පිළිකා ලෙස ඇති විය හැක.

මෙම දරුවන්ගෙන් සමහරක් දැනටමත් මිය ගොස් ඇති අතර, මෙම විකෘතිය උරුම කර ගන්නා සුළුතරයක් පමණක් තම ජීවිත කාලය තුළ පිළිකාවෙන් ගැලවෙනු ඇත. මෙම ශුක්‍රාණු එක්සත් රාජධානියේ සායනවලට විකුණා නොතිබුණද, ඩෙන්මාර්කයේ සශ්‍රීකතා ප්‍රතිකාර ලබන අතරතුර දායකයාගේ ශුක්‍රාණු භාවිතා කළ ඉතා කුඩා සංඛ්‍යාවක් වන බ්‍රිතාන්‍ය පවුල් මේ වන විට දැනුවත් කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top