බ්‍රිතාන්‍යයේ රැකියා විරහිතභාවය 5.1% දක්වා ඉහළ යයි: තරුණ ශ්‍රමිකයන් දැඩි අර්බුදයක

එක්සත් රාජධානියේ නිල දත්ත වලට අනුව, ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ මාස තුන තුළ එරට රැකියා විරහිත අනුපාතය 5.1% දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙයින් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ තරුණ ශ්‍රමිකයන් බව හෙළි වී තිබේ.

පසුගිය වසරේ මේ කාලසීමාව වන විට 4.3% ක්ව පැවති රැකියා විරහිත අනුපාතය, මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. වයස අවුරුදු 18 ත් 24 ත් අතර රැකියා විරහිත තරුණ සංඛ්‍යාව 85,000 කින් ඉහළ ගොස් තිබේ. මෙය 2022 නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම වැඩිවීමයි. පෙර වසරට සාපේක්ෂව සමාගම්වල වැටුප් ලේඛනවල සිටින සේවකයින් සංඛ්‍යාව 149,000 කින් (0.5%) පහත වැටී ඇත.

රජය විසින් වයස් භේදයකින් තොරව පොදු අවම වැටුපක් හඳුන්වා දීමට ගෙන ඇති තීරණය නිසා, පළපුරුද්දක් නොමැති තරුණ ශ්‍රමිකයන් බඳවා ගැනීමට ව්‍යාපාරිකයන් දක්වන උනන්දුව අඩු වී ඇත. පසුගිය අයවැයෙන් ජාතික රක්ෂණ දායකත්වයන් (National Insurance) ඉහළ දැමීම නිසා සේවකයින් බඳවා ගැනීම වඩාත් වියදම් අධික වී ඇති බව බොහෝ ආයතන පවසයි. චාන්සලර් රේචල් රීව්ස්ගේ (Rachel Reeves) නව බදු සහ වියදම් සැලසුම් ප්‍රකාශයට පත් කරන තෙක් බොහෝ සේවා යෝජකයන් නව බඳවා ගැනීම් තාවකාලිකව නතර කර තිබේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top