ජපාන අගමැතිනී සනායි ටකායිචි (Sanae Takaichi) පසුගිය ඉරිදා පැවැති හදිසි මහා මැතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් (Landslide Victory) අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. මෙය එරට දේශපාලන ඉතිහාසයේ එක් පක්ෂයක් ලැබූ සුවිශේෂීම ජයග්‍රහණයක් ලෙස සැලකේ.
පසුගිය වසර කිහිපය තුළ ජනතා ප්‍රසාදය ගිලිහී යමින් තිබූ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය (LDP) වෙත නැවතත් ප්‍රබල ජනවරමක් ලබා දීමට ඇයගේ නායකත්වය සමත් විය. ජපානයේ ප්‍රථම කාන්තා නායිකාව ලෙස පත්වී මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ ඇය මෙම ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයකි.
මෙම ජයග්‍රහණයත් සමඟ LDP පක්ෂය දෙවන ලෝක යුද්ධයෙන් පසු තනි පක්ෂයක් ලෙස තුනෙන් දෙකක (2/3) බලයක් ලබාගත් පළමු අවස්ථාව සනිටුහන් කළේය. මෙම ජයග්‍රහණය හරහා අගමැතිනී ටකායිචිට එරට පාලනය සම්බන්ධයෙන් ඉතා ප්‍රබල බලයක් හිමිවේ. ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රබල පදනම ඇයට දැන් හිමිවී ඇත. පහළ මන්ත්‍රී මණ්ඩලයේ මෙම බහුතර බලය භාවිතා කරමින්, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ තීරණ පවා අභිබවා යාමේ හැකියාව පක්ෂයට ලැබේ.
හිටපු අගමැති ෂින්සෝ අබේගෙන් පසු ජපානය තුළ දැකගත හැකි වූ ප්රබලතම දේශපාලන රැල්ල නිර්මාණය කිරීමට ඇය සමත් විය.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNN ඇසුරෙනි.



