ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය දසවන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, 2022 වසරෙන් පසු ප්‍රථම වතාවට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මෙම මිල ඉහළ යාමත් සමඟ ඉදිරියේදී ලොව පුරා ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි බවත්, මෙම තත්ත්වය මෙතැනින් නොනැවතෙනු ඇති බවත් ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා G7 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ හදිසි රැස්වීමක් අද පැවැත්වෙන අතර බ්‍රිතාන්‍ය චාන්සලර් රේචල් රීව්ස් ද ඊට එක්වීමට නියමිතය.

කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ලෝක සාමය උදෙසා ගෙවීමට සිදුවන මෙම කෙටි කාලීන මිල වැඩිවීම ඉතා සුළු කැපකිරීමක් බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top