ශ්‍රී ලංකාවෙන් ලෝකවාර්තාවක්
සැප්තැම්බර් 2 වැනි දින රාත්‍රී 11.30 ට සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසිකිරීමේ ඉසව්වට, F64 කාණ්ඩයෙන් තරග කළේය. ඔහු තම පස්වැනි විසි කිරීමේදී මීටර 67.03ක දුරක් වාර්තා කළේ, F44 කාණ්ඩයේ පෙර පැවති ලෝක වාර්තාව බිඳ දමමිනි. මෙය එම රාත්‍රියේ හොඳම විසි කිරීම වූ අතර, ඔහුගේ මුල් පහරවල් හතර 63.14m, 63.61m, 55.01m සහ 63.73m විය.
පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලක රිදී පදක්කමක් ලබාගැනීම පහසු කටයුත්තක් නොවන අතර දුලාන් ලෝක වාර්තාවක්ද බිඳ හෙළමින් තම රටට අභිමානයක් ගෙන ඒමට සමත්වී තිබේ. කෙසේ වෙතත්, මුළු රාත්‍රියේම හොඳම විසි කිරීම වන මීටර් 70.59ක දුරක් හෙල්ල විසි කළ ඉන්දීය ක්‍රීඩක සුමිත් ඇන්ටිල් නිසා ඔහුට රන් පදක්කමක් හිමි කර ගැනීමට නොහැකි විය.
කොඩිතුවක්කු විසින් පසුගිය ටෝකියෝ පැරා ඔලිම්පික් තරඟාවලියේදී ලබාගත් ලෝකඩ පදක්කමෙන් පසුව, පිරිමි F64 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලාංකිකයෙකු ලැබූ දෙවැනි පැරා ඔලිම්පික් පදක්කම මෙය වේ.
කොඩිතුවක්කුගේ මෙම ජයග්‍රහණ ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරඟවලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ජයග්‍රහණයයි. 2024 පැරීසියේ මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනූ එකම ක්‍රීඩකයා ඔහුයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු The Papare අනුග්‍රහයෙනි



