ආරක්ෂක දෙපාර්තමේන්තුව ‘යුද දෙපාර්තමේන්තුව’ ලෙස නම් කිරීමට ට්‍රම්ප්ගෙන් සැලසුම්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Defense) ‘යුද දෙපාර්තමේන්තුව‘ (Department of War) ලෙස නම් කිරීමට නියෝග කල බව වාර්තා වේ. සඳුදා දින ඔහු විධායක නියෝගයකට අත්සන් තබනු ඇති අතර, අනුව ආරක්ෂක දෙපාර්තමේන්තුව ද්විතීයික නාමයක් ලෙස නව නම භාවිතා කළ යුතු අතර, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්යුද ලේකම්ලෙස හැඳින්විය යුතුය.

ඇමරිකානු සන්නද්ධ සේවාවන් අධීක්ෂණය කරන පෙන්ටගනය, 1789 දී කැබිනට් මට්ටමේ ආයතනයක් ලෙස පිහිටුවා 1947 දක්වා පැවති යුද දෙපාර්තමේන්තුවේ අනුප්‍රාප්තිකයා වේ.

විධායක දෙපාර්තමේන්තු නිර්මාණය කිරීමේ වගකීම ඇමරිකානු කොන්ග්‍රසය සතු වන අතර, දෙපාර්තමේන්තුවේ නම නීත්‍යානුකූලව වෙනස් කිරීමට සංශෝධනයක් අවශ්‍ය වේ. විධායක නියෝගයේ සඳහන් වන්නේ, ‘යුද දෙපාර්තමේන්තුවයන නමආරක්ෂක දෙපාර්තමේන්තුවහා සසඳන විට සූදානම සහ අධිෂ්ඨානය පිළිබඳ වඩා ශක්තිමත් පණිවිඩයක් ලබා දෙන අතර, ‘ආරක්ෂක දෙපාර්තමේන්තුවඅවධාරණය කරන්නේ ආරක්ෂක හැකියාවන් පමණක් බවයි.

කොන්ග්‍රස් අනුමැතියකින් තොරව ට්‍රම්ප්ට විධිමත් ලෙස නම වෙනස් කළ නොහැකි නිසා, දෙපාර්තමේන්තුව ස්ථිරවම නැවත නම් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ විධායක ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට සහ ඇතුළත් කිරීමට මෙම නියෝගය හෙග්සෙත්ට උපදෙස් ලබා දී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top