එක්සත් රාජධානියේ ඇන්ඩෲ කුමරුට හිමිව තිබූ “කුමාර” (Prince) පදවිය අහෝසි කර ඇති අතර, ඔහුට ඔහුගේ වින්ඩ්සර් මන්දිරය වන Royal Lodge වෙතින් ඉවත් වීමට සිදුව ඇත.
මාලිගාව නිවේදනය කරන්නේ රජු අද දින විධිමත් ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත්, ඔහුගේ සොහොයුරා මෙතැන් පටන් Andrew Mountbatten Windsor ලෙස හඳුන්වනු ඇති බවත්ය. පදවියට අමතරව, Royal Lodge හි බදු ඔප්පුව භාර දීමට විධිමත් දැන්වීමක් ලබා දී ඇති බව මාලිගාව පවසයි. ඇන්ඩෲ නෝෆොක්හි සැන්ඩ්‍රින්හැම් (Sandringham, Norfolk) රාජකීය වතුයායට ගමන් කරනු ඇත.
තම පෞද්ගලික ජීවිතය පිළිබඳව තවත් ප්‍රශ්න මතු වීමෙන් පසු, ඇන්ඩෲ කුමරු මේ මස මුලදී ඩියුක් ඔෆ් යෝර්ක් (Duke of York) ඇතුළු අනෙකුත් රාජකීය පදවි අත්හැරියේය. Virginia Giuffre චෝදනා කර ඇත්තේ, ඇය යොවුන් වියේදී ඇන්ඩෲ කුමරු සමඟ අවස්ථා තුනකදී ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවයි. ඇන්ඩෲ මෙම චෝදනා සෑම විටම ප්‍රතික්ෂේප කර ඇත.
තවද, මේ මස මුලදී, ඇන්ඩෲ සහ ලිංගික අපරාධකරු Jeffrey Epstein අතර 2011 වසරේ විද්‍යුත් තැපැල් (emails) නැවත මතු වී ඇත. මෙය සිදුවී ඇත්තේ ඇන්ඩෲ තම මිත්‍රත්වය අවසන් කළ බවට ප්‍රකාශ කිරීමෙන් මාස ගණනකට පසුවය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



