බ්‍රසීලයේ X (Twitter) තහනම් කෙරේ

X (Twitter) තහනම් කෙරේ

බසීලයේ twitter නොහොත් X සමාජ මාධ්‍යය තහනම් කර ඇත. ඊට හේතුව වී ඇත්තේ , නව නීති නියෝජිතයෙකු පත් කිරීම සඳහා ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුගමනය කිරීමට X ආයතනය අපොහොසත් වීමෙනි. සියලු නීතිමය අවශ්‍යතා සපුරාලන තෙක් සහ දඩ මුදල් ගෙවන තෙක් X අත්හිටුවීමට විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් නියෝග කර ඇත. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් X ගිණුම් කිහිපයක් අත්හිටුවීමට විනිසුරුවරයා නියෝග කිරීමත් සමඟ මෙම සිද්ධිය ආරම්භ වී ඇත.

X හි හිමිකරු වන Elon Musk, තහනම විවේචනය කළේ එය භාෂණයේ නිදහසට එල්ල කරන ලද දැඩි ප්‍රහාරයක් ලෙසිනි.
පැය 24ක් ඇතුළත බ්‍රසීලයේ X අවහිර කිරීමට බලාපොරොත්තු වේ. ඇපල් සහ ගූගල් වැනි සමාගම්වලට ඔවුන්ගේ app store සහ play store වලින් X ඉවත් කරන ලෙසද විනිසුරුවරයා පවසා ඇත.

X ආයතනය මගින් නව නීති නියෝජිතයා පත් කර අදාල දඩ මුදල් ගෙවන තෙක් මෙම තහනම පවතිනු ඇත. අදාළ නීතිමය ගැටළු හේතුවෙන්, ඉලෝන් මස්ක්ගේ ගේ අනෙක් සමාගම වන Starlink ආයතනයේ බැංකු ගිණුම්ද අත්හිටුවා ඇත. Starlink ආයතනය මගින් බ්‍රසීලයේ දුරස්ථ ප්‍රදේශවලට අන්තර්ජාලය සැපයූ නමුත් දැන් X සමඟ ඇති නීතිමය ගැටලුවලට Starlink ආයතනයද හසු වී ඇත.

විනිසුරු මොරායස් බ්‍රසීලයේ සමාජ මාධ්‍ය සීමා කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. වරක් ටෙලිග්‍රාම් සහ වට්ස්ඇප් වැනි අනෙකුත් සමාජ මාධ්‍යද බ්‍රසීලයේ තාවකාලික තහනමකට මුහුණ දී තිබෙන බවද BBC නිවේදනය කරයි.

උපුටා ගැනීම: https://www.bbc.com/news/articles/c5y3rnl5qv3o

 

Scroll to Top