රුසියානු ඔත්තුකරුවෙක් සහ ව්ලැඩ්මිර් පුටින් අතර හමුවක්.

රුසියානු ඔත්තුකරුවෙක් සහ ව්ලැඩ්මිර් පුටින් අතර හමුවක්.

පසුගිය අගෝස්තු මස මුලදී, රුසියානු සම්භවයක් සහිත ස්පාඤ්ඤ මාධ්‍යවේදියෙකු වන පැබ්ලෝ ගොන්සාලේස් පෝලන්ත බන්ධනාගාරයක සිට මොස්කව් වෙත ගෙන යන ලදී. ඒ සිරකරුවන් හුවමාරු කිරීමේ ව්‍යාපෘතියක ප්‍රථිපලයක් ලෙසය. ඔහු රුසියානු ඔත්තුකරුවෙකු බවට චෝදනා එල්ල වූ අතර එම හේතුවෙන් 2022 වසරේ සිට පෝලන්ත අත් අඩංගුවේ පසුවීය.

මොස්කව් වෙත ගෙන ඒමෙන් පසු ගොන්සාලේස් ඇතුලු පිරිස පිළිගැනීමට ව්ලැඩ්මිර් පුටින් පැමිණි අතර, ඔහුගේ සහ අනෙකුත් පිරිසගේ සේවය අගය කරන ලදී. ඝාතනයට ලක්වූ ව්ලැඩ්මිර් පුටින්ගේ විවේචකයෙකුගේ දියණියක වන ෂන්නා නෙම්ට්සෝවා ඇතුළු රුසියානු විපක්ෂ ක්‍රියාකාරීන් පිළිබඳ ඔත්තු බැලීමට, වසර ගණනාවක් තිස්සේ ගොන්සාලේස් වෝර්සෝ ප්‍රදේශයේ දිවි ගෙවා ඇත.

නෙම්ට්සොවාට , ගොන්සාලේස් හමුවී ඇත්තේ 2016 දී වන අතර පසුව ඇයට ඔහු ගැන සැකයක් ඇතිවී තිබේ. ඒ ඇය සහ ඇගේ පිරිස පිළිබඳ ඔත්තු බලන බවට සැකයකි. වැඩිදුර විම‍ර්ශනය කිරීමේදී ඇයට එය සාක්ශි සහිතව ඔප්පු වී ඇත. ගොන්සාලේස් ඇයගේ වැඩ කටයුතු වලට , සාකච්ඡා වලට සහබාගී වෙමින් ඇගේ ක්‍රියාකාරීන් සමඟ එක්ව කටයුතු කරමින්, ඒ සියල්ල රුසියානු රහස් ඔත්තු සේවා වෙත වාර්තා කල බව කියවේ.නමුත් මෙම චෝදනා සියල්ල ගොන්සාලේස් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

රුසියාවට පැමිණීමෙන් පසු ගොන්සාලේස් රජයේ රූපවාහිනී වැඩසටහනකටද සහබාගී වූ අතර එහිදී පුටින් ද හමුවී තම අද්දැකීම් ගැන සාකච්ඡා කර තිබේ. ගොන්සාලේස්ගේ නඩුව ආන්දෝලනයට තුඩු දුන් එකක් වූ අතර ඇතමුන්ගෙ අදහස ගොන්සාලේස් නිර්දෝශී බවය. කෙසේ වෙතත් ඔහුට යුරෝපයේ ජීවත් වීම ප්‍රශ්නාර්ථයක් බවත් , රුසියාවේදී ඔහුට නිදහස් මිනිසෙකු ලෙස ජීවත් විය හැකි බවත් වාර්තාවේ.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි.

https://www.bbc.com/news/articles/c07e0m9r35jo

Scroll to Top