ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාවේ හමුදා අභ්‍යාස අවදානම් බවට උතුරු කොරියාව චෝදනා කරයි

එක්සත් ජනපදය, ජපානය සහ දකුණු කොරියාව අතර පැවැත්වෙන ඒකාබද්ධ හමුදා අභ්‍යාස, අවදානම් සහ නිර්ලෝභී ලෙස බලය පෙන්වීමක් ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොං හෙලා දැක ඇත.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය විසින් ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද කිම් යෝ ජොංගේ මෙම අදහස්, දකුණු කොරියාව සහ එහි සහචරයින් ජෙජු දූපතට ඔබ්බෙන් වන නාවික, ගුවන් සහ මිසයිල ආරක්ෂක අභ්‍යාස ඇතුළත්ෆ්‍රීඩම් එජ්” (Freedom Edge) නම් ඒකාබද්ධ හමුදා අභ්‍යාස ආරම්භ කිරීමට පෙර දින වාර්තා විය. මෙම අභ්‍යාස සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ, ඇගේ සොහොයුරා මෙම සතියේ ආයුධ පර්යේෂණ පහසුකම් සඳහා ගිය සංචාරයකින් පසුවය. එහිදී ඔහු කියා සිටියේ, පියොංග්යැං න්‍යෂ්ටික බලවේග සහ සාම්ප්‍රදායික සන්නද්ධ හමුදා ගොඩනැගීම එකවරම ඉදිරියට ගෙන යන බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top