ඉගා ස්වියාටෙක් සිය පළමු විම්බල්ඩන් ශූරතාව දිනා ගනියි: අවුරුදු 114කට පසු වාර්තාගත ජයක්!

ඉගා ස්වියාටෙක් (Iga Swiatek) විම්බල්ඩන් (Wimbledon) කාන්තා අවසන් මහා තරඟයේදී අමන්දා ඇනිසිමෝවා (Amanda Anisimova) 6-0, 6-0 ලෙස පරාජය කරමින්, වසර 114කට පසු වඩාත්ම ඒකපාර්ශ්වික ජයක් ලබා ගනිමින් සිය හයවන ග්‍රෑන්ඩ් ස්ලෑම් (Grand Slam) ශූරතාව තහවුරු කර ඇත.

තම සහභාගී වූ ප්‍රධාන අවසන් තරඟ හයම ජයග්‍රහණය කර ඇති ස්වියාටෙක්, සෙනසුරාදා (ජූලි 12) දින පළමු ලකුණේ සිටම තරඟය පාලනය කළ අතර, මිනිත්තු 57කින් පමණක් ජයග්‍රහණය වාර්තා කළා. කාන්තාවක් විම්බල්ඩන් අවසන් තරඟයක් කිසිදු ගේම් එකක් අහිමි කර නොගෙන ජයග්‍රහණය කළේ 1911න් පසුව පළමු වතාවටයි.

තවද, 24 හැවිරිදි ස්වියාටෙක්, 1988 ප්‍රංශ විවෘත තරඟාවලියේදී (French Open) ස්ටෙෆී ග්‍රාෆ් (Steffi Graf) නටාලියා ස්වේරේවා (Natalia Zvereva) පරාජය කිරීමෙන් පසු, Open era අවසන් තරඟයකදී එකදු ගේම් එකක්වත් අහිමි කර නොගෙන ප්‍රධාන ශූරතාවයක් දිනූ දෙවන ක්‍රීඩිකාවයි.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top