ලෝකයේ විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම් කිහිපයකට නිවහනක් වන දකුණු ඉන්දීය කර්නාටක ප්‍රාන්තය, විධිමත් රැකියා වල නියුතු සියලුම කාන්තාවන්ට වැටුප් සහිත ඔසප් නිවාඩු ලබා දෙන රටේ පළමු ප්‍රාන්තය බවට පත්ව තිබේ.
නව ප්‍රතිපත්තිය යටතේ, රජයේ සහ පෞද්ගලික සමාගම්වල සේවයේ නියුතු වයස අවුරුදු 18 ත් 52 ත් අතර කාන්තාවන්ට මාසිකව එක් දිනක ඔසප් නිවාඩුවක් ලබා ගත හැකිය. මෙම නිවාඩුව ඉදිරියට ගෙන යාමට (carry forward) නොහැකි අතර නිවාඩු ලබා ගැනීමට කිසිදු වෛද්‍ය සහතිකයක් අවශ්‍ය නොවේ.
මෙම ප්‍රතිපත්තිය විධිමත් අංශයේ (formal sector) කාන්තාවන් 350,000 ත් 400,000 ත් අතර සංඛ්‍යාවක් ආවරණය කරයි. මෙම ප්‍රතිපත්තිය, රැකියා වර්ගය හෝ කොන්ත්‍රාත්තුව නොසලකා පෞද්ගලික අංශය ද ඇතුළත් කළ පළමු පියවර වීම නිසා සැලකිය යුතු කරුණක් ලෙස සැලකේ. ගෘහ සේවිකාවන්, දිනක වැටුප් ලබන ශ්‍රමිකයින් සහ අවිධිමත් අංශයේ (unorganised sector) ගිග් සේවකයින් ලෙස සේවයේ නියුතු ඇස්තමේන්තුගත මිලියන හයක් පමණ මෙම ප්‍රතිපත්තියට ඇතුළත් නොවේ.
ස්පාඤ්ඤය, ජපානය, දකුණු කොරියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් දැනටමත් ඔසප් නිවාඩු ලබා දෙයි. ඉන්දියාවේ සමහර ප්‍රාන්ත සීමිත ඔසප් නිවාඩු ලබා දෙයි. බිහාර් සහ ඔඩිෂා රජයේ සේවිකාවන්ට මසකට දින දෙකක් ලබා දෙන අතර, කේරළය විශ්වවිද්‍යාල සහ කාර්මික පුහුණු ආයතනවල කාර්ය මණ්ඩලයට එය සපයයි.
ඉන්දියාව තුළ, කාන්තාවන්ට අමතර දින නිවාඩුවක් ලබා දීමේ මෙම පියවර විභව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් පක්ෂග්‍රාහීත්වය (gender bias) සහ සමානාත්මතාවය පිළිබඳ සැලකිල්ලක් දක්වමින් විවාදයට තුඩු දී තිබේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



