බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා වියට්නාමය සමඟ බෙදා ගැනීමට ඉන්දියාව ගත් පියවර, විශාල සංස්කෘතික හා අධ්‍යාත්මික පෙරළියක් ඇති කර ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (Narendra Modi) ප්‍රකාශ කර ඇත. ඔහුගේ 123 වන “මං කී බාත්” (“Mann Ki Baat”) දේශනයේදී, මෝදි මහතා සඳහන් කළේ වියට්නාමය පුරා ස්ථාන නවයකදී ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට කෝටි 1.5කට අධික (මිලියන 15ක්) ජනතාවක් පැමිණ ඇති බවයි.
“පසුගිය දින කිහිපය තුළ වියට්නාමයේ බොහෝ දෙනෙක් විවිධ මාධ්‍ය ඔස්සේ මට පණිවිඩ එවා තිබුණා. එම පණිවිඩවල සෑම පේළියකම භක්තියක් සහ මිත්‍රශීලී බවක් තිබුණා. ඔවුන්ගේ හැඟීම් හද උණුසුම් කළා. භාග්‍යවත් බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා දර්ශනය කර ගැනීමට අවස්ථාව ලබා දීම ගැන ඔවුන් ඉන්දියාවට කෘතඥතාව පළ කරමින් සිටියා,” යනුවෙන් අගමැති මෝදි ප්‍රකාශ කළා. ඔවුන්ගේ වචනවල තිබූ හැඟීම් “කිසිදු විධිමත් ස්තූතියකට වඩා වැඩි” බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම අධ්‍යාත්මික හුවමාරුව වියට්නාමයේ “ජාතික උත්සවයක්” බවට පත් වී ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. එමගින් ඉන්දියාවේ සංස්කෘතික උරුමයේ ගෝලීය බලපෑම විදහා දැක්වෙන බව ද ඔහු පැහැදිලි කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.



