ඉන්දු – පාකිස්තාන ආසියානු කුසලාන තරගයේ ප්‍රවේශපත් සිය ගණනක් අලෙවි නොවී ඉතිරි වේ

ආසියානු ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉතා දුර්ලභ සිදුවීමක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර 2025 ආසියානු කුසලාන තරගයේ ප්‍රවේශපත් සිය ගණනක් අලෙවි නොවී ඉතිරි වී ඇති බව වාර්තා වේ. ඉරිදා දින සවස තරගය ආරම්භ වීමට පැය අටකටත් අඩු කාලයක් තිබියදීත්, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග ප්‍රවේශපත් නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත් ලබා ගත හැකි වේ.

Premium stand සඳහා ඩොලර් 205ක් වටිනා ප්‍රවේශපත්, නැගෙනහිර සහ බටහිර මණ්ඩප (east and west pavilion) අසුන් සඳහා ඩොලර් 245ක් වටිනා ප්‍රවේශපත් තවමත් දස ගණනකින් ලබා ගත හැකි වේ. Hospitality stands සඳහා එක් ප්‍රවේශපත්‍රයක් ඩොලර් 1,645ක් වුවද, එම අසුන් කිහිපයක් තවමත් ලබා ගත හැකි වේ.

තරග සංවිධායකයින් වන ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) සහ එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) විසින් අලෙවි නොවූ ප්‍රවේශපත් සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති නමුත්, එම ප්‍රදේශයේ සිටින ක්‍රිකට් ලෝලීන් සඳහා ප්‍රධාන හේතුව ලෙස උණුසුම් කාලගුණය පෙන්වා දෙයි.

 

තරගය ආරම්භ වන විට සවස් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් (95F) වනු ඇතැයි , ආර්ද්‍රතාවය 50%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් මේ පිළිබඳව විමසූ විට, තරගය ආරම්භ වූ පසු ප්‍රවේශපත් අලෙවි වූ නිල සංඛ්‍යා තහවුරු කරන බවත්, එතෙක් අලෙවිය පිළිබඳව කිසිදු අදහසක් නොදක්වන බවත් පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top