ඉන්ස්ටග්‍රෑම් වෙතින් නව පියවරක්: දරුවන් ‘හානිකර දේ’ සෙව්වොත් දෙමාපියන්ට දැන්වීම්

ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ මාධ්‍ය ජාලය සිය පරිශීලක යොවුන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව පියවරක් හඳුන්වා දී ඇත. ඒ අනුව, දරුවෙකු සියදිවි නසාගැනීම් හෝ ස්වයං-හානි කරගැනීම් සම්බන්ධ කරුණු නැවත නැවතත් සෙවුම් කරන්නේ නම් (search), ඒ පිළිබඳව දෙමාපියන්ට ක්ෂණික දැනුම්දීම් (Alerts) යැවීමට පියවර ගෙන තිබේ.

ඉන්ස්ටග්‍රෑම් හි මව් සමාගම වන මෙටා (Meta) ආයතනය විසින් ප්‍රථම වතාවට මෙවැනි ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. මෙතෙක් සිදු වූයේ හානිකර සෙවුම් අවහිර කිරීම පමණක් වුවද, දැන් දෙමාපියන් දැනුවත් කිරීමේ විශේෂ පහසුකමක් එක් කර තිබේ.

දරුවෙකු කෙටි කාලයක් තුළ කිහිප වතාවක්ම හානිකර වචන සෙවුම් කළහොත් දෙමාපියන්ගේ දුරකථනයට ඒ පිළිබඳව පණිවිඩයක් ලැබෙනු ඇත. මෙම දැනුම්දීම සමඟම, එවැනි අවස්ථාවකදී දරුවා සමඟ සංවේදීව කතාබස් කරන්නේ කෙසේද යන්න පිළිබඳ විශේෂඥ උපදෙස් සහ සම්පත් ද (Expert resources) දෙමාපියන්ට ලබා දේ. ලබන සතියේ සිට බ්‍රිතාන්‍යය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල මෙය ක්‍රියාත්මක වන අතර පසුව සෙසු රටවලට ද හඳුන්වා දෙනු ඇත.

මෙම පියවර පිළිබඳව Molly Rose පදනම සිය කනස්සල්ල පළ කර ඇත. මෙවැනි ක්ෂණික දැනුම්දීම් නිසා දෙමාපියන් දැඩි ලෙස කලබලයට (Panic) පත්විය හැකි බවත්, එය දරුවා සහ දෙමාපියන් අතර පවතින විශ්වාසය බිඳවැටීමට හේතු විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි. දරුවෙකු පිළිබඳ මෙවැනි පණිවිඩයක් රැකියාවේ යෙදී සිටින දෙමාපියෙකුට ලැබුණු විට ඔවුන් එයට මුහුණ දෙන ආකාරය ගැටලුසහගත විය හැකි බව එහි ප්‍රධානීන් පවසයි.

මෙම ක්‍රමය හඳුන්වා දුන්නේ 2017 වසරේදී සමාජ මාධ්‍යවල ඇති හානිකර දර්ශන නැරඹීම නිසා දිවි තොර කරගත් මොලී රසල් (Molly Russell) වැනි දරුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීමේ අරමුණෙනි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top