ඉරාකයේ (Iraq) ඇති වූ දැඩි නියඟයක් හේතුවෙන් එරට විශාලතම ජලාශයේ ජල මට්ටම අඩුවීම නිසා පුරාණ සොහොන් 40ක් සොයාගත් බව පුරාවස්තු නිලධාරීන් පවසා ඇත.
වසර 2,300කට වඩා පැරණි යැයි විශ්වාස කෙරෙන මෙම සොහොන්, ඉරාකයේ උතුරු දෙසින් පිහිටි දූහොක් (Duhok) පළාතේ ඛංකේ (Khanke) ප්‍රදේශයේ මොසුල් වේල්ල (Mosul Dam) ජලාශයේ මායිමේදී අනාවරණය කරගෙන තිබෙනවා.
දූහොක් හි පුරාවස්තු අධ්යක්ෂවරයා සහ එම ස්ථානයේ පුරාවිද්‍යාත්මක කටයුතු ප්‍රධානියා වන බෙකාස් බ්රෙෆ්කානි (Bekas Brefkany) පවසා ඇත්තේ, මේ දක්වා සොහොන් 40ක් පමණ සොයාගෙන ඇති බවයි. මෙම සොහොන් දැනටමත් පැවති ස්ථානවල යළි මතුවූ ස්ථාන නොව, අලුතින් සොයාගැනුණු ස්ථාන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම සොයා ගැනීමෙන්, නියඟය වැනි ස්වභාවික විපත් නිසා ජලයෙන් යට වී තිබූ පැරණි පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව නව තොරතුරු අනාවරණය වීමට ඇති ඉඩකඩ පෙන්නුම් කරනවා.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



