අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට එරෙහිව උපරිම පීඩනයක් (Maximum Pressure) එල්ල කිරීමේ උපායමාර්ගය තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වී තිබේ.
පසුගියදා ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, විශේෂයෙන්ම ඉරානය චීනයට සිදු කරන තෙල් අපනයනය ඉලක්ක කර ගනිමින් දැඩි ආර්ථික සම්බාධක පැනවීමට ඔවුන් සැලසුම් කර ඇත.
ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේ චීනය විසිනි. මෙය පාලනය කිරීම සඳහා ට්‍රම්ප් නව විධායක නියෝගයක් භාවිතා කිරීමට සූදානම් වේ. ඉරානය සමඟ ව්‍යාපාර කරන ඕනෑම රටකට 25% ක ආනයන බද්දක් (Tariff) පැනවීමට අමෙරිකාවට බලය ලැබේ. චීනය හරහා ඉරානයට ලැබෙන ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම අහුරා දැමීම මෙමගින් සිදු වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



