බ්‍රිතාන්‍යයට අයිස් සහ ගංවතුර අනතුරු ඇඟවීම්!

එක්සත් රාජධානියේ උතුරු ප්‍රදේශවල පවතින දැඩි සීතල කාලගුණයත් සමඟ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Met Office) විසින් අයිස් (Ice) පිළිබඳ නව ‘කහ පැහැති’ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ස්කොට්ලන්තයේ නැගෙනහිර ප්‍රදේශ සහ උතුරු එංගලන්තයේ උෂ්ණත්වය සෘණ අගයක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව එංගලන්තයේ දකුණු ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීම් සිය ගණනක් නිකුත් කර ඇත.

මෙම අනතුරු ඇඟවීම මධ්‍යම ස්කොට්ලන්තය, ටේසයිඩ්, ෆයිෆ්, හයිලන්ඩ්ස් සහ නෝර්තුම්බර්ලන්තය සඳහා  බලපැවැත්වේ. පාරවල් මත කළු අයිස් (Black ice) තැන්පත් වීම නිසා රිය අනතුරු සහ ගමන් බාධා ඇතිවීමේ දැඩි අවදානමක් පවතී. අධික වර්ෂාව හේතුවෙන් එංගලන්තය පුරා ගංවතුර අනතුරු ඇඟවීම් රැසක් නිකුත් කර තිබේ.

මේ වන විට නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 330ක් පමණ ජලයෙන් යටවී ඇති අතර, නිවාස 24,000ක් පමණ ආරක්ෂා කර ගැනීමට බලධාරීන් සමත්වී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top